Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ග්‍රාම නිලධාරීන්ට නව වැටුප් ක්‍රමයක්  

Add comments

ග්‍රාම නිලධාරීන් සදහා නව වැටුප් ක්‍රමයක් සහිතව සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබද අවධානය යොමුව තිබෙනවා.

අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සහ එක්සත් ග්‍රාම නිලධාරී සංගමය අතර පැවති සාකච්ඡාවේදී මේ පිළිබද දීර්ඝ ලෙස සාකච්ඡා වුණා. මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා යෝජනා ඉදිරිපත් කළ ද ඒවා ක්‍රියාත්මක නොවූ බවයි ග්‍රාම නිලධාරීන් පෙන්වා දුන්නේ. ග්‍රාම නිලධාරීන්ට බලපාන ගැටලු නිරාකරණය සදහා නව වැටුප් ක්‍රමයක් සහිත සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය කෙටුම්පත් කිරීමට අමාත්‍යවරයා කැමැත්ත පළ කළා. එම කෙටුම්පත මේ වන විට කැබිනට් මණ්ඩලයට යොමු කර තිබෙනවා. මෙය ස්ථාපිත වීමත් සමග ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු රැසකට විසදුම් ලැබෙන බවයි ග්‍රාම නිලධාරී සංගමය ප්‍රකාශ කරන්නේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG