Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාලගුණ විපර්යාස පාලනයට ගෝලිය වැඩපිළිවෙලක අවශ්‍යතාව අවධාරණය කෙරේ  

Add comments

කාලගුණ විපර්යාස පාලනයට කාර්යක්ෂම ගෝලිය වැඩපිළිවෙලක් අවශ්‍ය බව ජගත් සංවිධානය ප‍්‍රකාශ කළා.

කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රතිශතය වසර හතරක් තුළ ඉහළ මට්ටමකට පැමිණ තිබෙන අතර  2020 වනවිට එය සමනය කිරිමට පැරිස් සමුළුවේදී අවධානය යොමු වුණා. එහෙත් ඊට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගෙන නොමැති බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ. 2070 වනවිට උෂ්ණත්වය අනපේක්ෂිත මට්ටමින් ඉහළ යා හැකි බව බි‍්‍රතාන්‍ය විද්‍යාඥයන් සිදුකළ අධ්‍යනයකදී හෙළිව තිබෙනවා. එය මුහුදු ජල මට්ටම ඉහළ යාමටත් හේතුවකි. ලන්ඩන් නගරයටත් බලපෑම් එල්ල විය හැකි බවයි විද්‍යාඥයන් පෙන්වා දුන්නේ. කාලගුණ විපර්යාස පාලනය කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කිරිමේ අරමුණින් විශේෂ සමුළුවක් පෝලන්තයෙදී පැවැත්වී්මට සැලසුම් කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG