Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගත වූ මාස 11 තුළ උතුරු වන ජීවී කලාපය තුළ වන අලින් 17ක් මියයයි  

Add comments

ගත වූ මාස 11 තුළ උතුරු වන ජීවී කලාපය තුළ පමණක් වන අලින් 17 දෙනෙකු මිය ගොස් ඇති බව කලාපය භාර වන ජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය බී ගිරිතුරන් මහතා පවසනවා. මිනිස් ක්‍රියාකාරකම් මේ සදහා සෘජු ලෙස බලපා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වැලිඔය සපුමල්තැන්න ගම්මානය අසළ හක්කපටස්වලට ගොදුරු වූ වන අලියාට ප්‍රතිකාර ලබාදීමට වනජීවී නිලධාරීන් කටයුතු කළා. මීට දින කිහිපයකට පෙර ගම්මාන අසළ සැරිසැරූ වන අලියා රෝගී තත්ත්වයකින් පෙළෙන බව ගම්වාසීන් වනජීවී නිලධාරීන්ට දැනුම් දුන්නා. ඒ අනුව පශු වෛද්‍ය බී. ගිරිතුරන් මහතා ප්‍රමුඛ කණ්ඩායමක් වන අලියා පරීක්ෂා කිරීමේදී සොයා ගත්තේ හක්කපටස් වලට ගොදුරුවීම හේතුවෙන් අලියාගේ මුඛයට බරපතල තුවාල සිදුව ඇති බවයි. දින පහක් පුරා වන අලියාට ප්‍රතිකාර සිදු කළ ද වන අලියාගේ ජීවිතය බේරාගැනීමට නොහැකි වුණා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG