Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වියට්නාම ජාතිකයින් 152 දෙනෙකු අතුරුදන්  

Add comments

සංචාරක වීසා මත පැමිණි වියට්නාම ජාතිකයින් 152 දෙනෙකු අතුරුදන් වී ඇති බව තායිලන්ත බලධාරීන් පවසනවා.

පසුගිය දෙසැම්බර් 21 සහ 23 යන දිනවල දකුණු දිග කාඕසියුන්ග්  නගරයේ මෙම පිරිස තායිවානයට ඇතුළු වී තිබෙනවා. ඉන් එක් අයෙකු හැර අනෙක් සියලු දෙනාම මේ වන විට අතුරුදන් වී ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ. තායිවාන මාධ්‍ය පවසන්නේ මෙම පිරිස නීති විරෝධී ලෙස තායිවානයේ රැකියාවන් සදහා පැමිණ ඇති බවයි.  තායිවානයේ සංචාරක ව්‍යාපාරය නැංවීම අරමුණු කරගනිමින් ආසියාතික රටවල් කිහිපයක වීසා ගාස්තු අවලංගුකිරීමට පසුගියදා කටයුතු කළා. මේ තත්ත්වය තුළ විශාල පිරිසක් තායිවානයට මෙලෙස පැමිණෙන බවයි එරට බලධාරීන් පවසන්නේ. මේ වන විටත් අතුරුදන් වූ පුද්ගලයන් සොයා එරට ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක් නිකුත් කළා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG