Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උසස්පෙළ නැවත සමීක්ෂණ ඉල්ලුම්පත් ලබන 16 තෙක්  

Add comments

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සදහා ලබන 16 වනදා දක්වා ඉල්ලුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සදහා මෙවර අපේක්ෂකයින් තුන් ලක්ෂ විසි එක්දහස් හාරසිය හැට නව දෙනෙකු පෙනී සිටියා. විභාග ප්‍රතිඵල අනුව එක් ලක්ෂ හැට හත් දහස් නවසිය හත් දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලබා තිබෙනවා. මේ අතර විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සදහා ලබන 16 වනදා දක්වා ඉල්ලුම් කළ හැකියි. පාසල් අයදුම්කරුවන් සදහා නැවත සමීක්ෂණ අයදුම්පත් ප්‍රතිඵල ලේඛණ සමග විදුහල්පතිවරුන් වෙත යොමුකර තිබෙනවා. මේ අතර පෞද්ගලික අයදුම්කරුවන්ට ජාතික පුවත්පත්වල හෝ විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ  පල කරන දැන්වීම අනුව අයදුම්පත් යොමු කළ  හැකියි.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG