
ලොව විශාලතම මගී ගුවන් යානා විශේෂයක් වන ඒ 380 ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලට හදිසියේ ගොඩබස්වා තිබෙනවා. ඒ එම යානයේ ගමන් කළ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන්.
ඩුබායි සිට ඔස්ටේ‍්‍රලියාව බලා පියසර කරමින් තිබියදී යානය හදිසියේ ගොඩබස්වා ඇති බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු සදහන් කළේ. එම අවස්ථාවේදි එහි මගින් 420 දෙනෙකු සහ කාර්ය මන්ඩල සාමාජිකයන් 22 දෙනෙකු ගමන් කළා. රෝගී තත්ත්වයේ පසුවු කාර්ය මණ්ඩල සාමාජිකයා ගුවන් තොටුපල වෛද්‍ය මධ්‍යස්ථානය මගින් මීගමුව පෞද්ගලික රෝහලකට යොමුකර තිබෙනවා.
Post a Comment