Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

 

Add comments

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි රජයේ ගොඩනැගිල්ලකට නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් ඇතුළු වී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එරට පොදු කටයුතු පිළිබද අමාත්‍යංශයටයි තුවක්කුකරුවන් ඇතුළු වී වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙන්නේ. එම ගොඩනැගිල්ල ඉදිරිපිට කාර් බෝම්බයක් ද පුපුරුවා හැර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් එම ගොඩනැගිල්ලේ සෑම මහලකටම ගොස් වෙඩි තබා ඇති බවද සදහන්. පැය 7කට ආසන්න කාලයක් හමුදා අංශ සහ තුවක්කුකරුවන් අතර වෙඩි හුවමාරුව සිදුවුණා. එහිදී පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

තුවක්කුකරුවන් තුන්දෙනෙකු සහ ආරක්ෂක අංශ සාමාජිකයෙකුද ජිවිතක්ෂයට පත්වුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG