
පුරාවස්තු කැනීම් කළ 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කැබැල්ලවිට ප‍්‍රදේශයේදී. අලව්ව පොලීසියට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. නිධන් හැරීමට යොදාගන්නා උපකරණ කිහිපයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් කොච්චිකඩේ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ සහ අලව්ව ප‍්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අද (27) පොල්ගහවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිත.
Post a Comment