Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අවතැන්වූවන්ට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව  

Add comments

උතුරේ අවතැන්වූවන්ට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව සිදුකෙරෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළා.

එම ප‍්‍රදේශවල ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන මුදාහැර ඇති බවයි ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන්නේ. මේ වන විට ප‍්‍රදේශයේ ගංවතුර තත්වය ක‍්‍රමයෙක් අඩුවෙමින් පවතිනවා. ආපදා තත්වයෙන් උතුරු පළාතේ පවුල් විසි හත්දහස් හයසිය හැට අටක පුද්ගලයන් අසූ හයදහස් හත්සිය පනස් එක් දෙනෙකු පීඩාවට පත්වුණා. වැඩිම බලපෑමක් එල්ලවී තිබෙන්නේ කිලිනොච්චි දිස්ත‍්‍රික්කයට.

සියලු ප‍්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කරමින් අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගෙන ඇති බවයි දිස්ති‍්‍රක් ලේකම් සුන්දරම් අරුමෙයි නායගම් මහතා ප‍්‍රකාශ කළේ. හානියට පත් නිවාස යළි අලුත්වැඩියා කිරීම සඳහා පළමු අදියර ලෙස රුපියල් දස දහසක් පිරිනැමෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළා.

ප‍්‍රදේශයේ කුඹුරු අක්කර අට දහසක් ජලයෙන් යටව තිබෙනවා. අක්කරයට රුපියල් හතළිස් දහස බැගින් ඒ වෙනුවෙන් වන්දි ලබාදීමට ද කටයුතු සූදානම්. ප‍්‍රදේශයේ ජනතාවගේ දෛනික ජීවිතය යළි නඟා සිටුවීම සඳහා යුධ හමුදාව මැදිහත්ව සිටිනවා.

පිසූ ආහාර සැපයීම, පීඩාවට පත්වූවන් එම ස්ථාන වලින් ඉවත් කිරීම, යළි ස්ථානගත කිරීම සහ වෛද්‍ය ආධාර සැපයීමේ කටයුතු ද ඔවුන් සිදුකරන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. කොට්ඨාස 57 ක ආපදා සහන කටයුතු සඳහා 400 ක පමණ යුධ හමුදා භට පිරිසක් යොදවා තිබෙනවා. කිලිනොච්චි සහ මුලතිව් දිස්ති‍්‍රක්කවල සහන සැලසීමේ කටයුතු සඳහා ඩිංගි යාත‍්‍රා 9 ක් සමඟ නාවික සහන කණ්ඩායම් 6 ක් අනියුක්ත කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG