
පේරු රාජ්‍යයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අනතුරෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. අධිවේගී මාර්ගයක ගමන් කරමින් තිබූ බස් රථයක් ඉන් ඉවතට පෙරලීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුර සිදුවන අවස්ථාවේ මගීන් පනස් පස් දෙනෙකු එහි ගමන් කර තිබෙනවා. මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි එරට වාර්තා සදහන් කරන්නේ.
Post a Comment