Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

“කේව්” ලබන වසරේ තිරගතවේ  

Add comments

තායිලන්තයේ ගුහාවක සිර වී සිටි පාපන්දු කණ්ඩායම සහ පුහුණුකරු අලලා නිපදවන ප්‍රථම චිත්‍රපටය ලබන වසරේ දී තිරගත වීමට නියමිතව තිබෙනවා.

මෙම පාපන්දු කණ්ඩායම පිළිබදව ලෝකයේ ම දැඩි අවධානයක් යොමු වුණා. ලෝකයේ බොහෝ රටවල උපකාරද මෙම පිරිස බේරා ගැනීම සදහා ලැබී තිබුණා. විශේෂඥ කිමිදුම්කරුවන් ද මෙම පාපන්දු කණ්ඩායම බේරා ගැනීමේ මෙහෙයුම් සදහා එක්ව සිටි අතර මෙහෙයුම් අතරතුරදී තායිලන්ත ජාතික කිමිදුම්කරුවෙකු ජිවිතක්ෂයට ද පත්වුණා. ටොම් වෝලර්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මෙම චිත්‍රපටය ද කේව් ලෙසයි නම් කර තිබෙන්නේ. තායි දරුවන් පිරිස බේරා ගැනීමට දායක වු සැබෑ කිමිදුම්කරුවන් පිරිසක් මෙහි චරිත නිරූපණය කිරීම විශේෂත්වයක් වනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG