
බස් ගාස්තු අඩුකිරීම අද සිට කි‍්‍රයාත්මක වෙනවා.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව සියයට 4 කින් බස් ගාස්තු අඩු කිරීමටයි බස් සංගම් එකඟතාව පළකළේ. අවම ගාස්තුව සංශෝධනය සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප‍්‍රකාශ කළා.
අධිවේගී මාර්ගවල ද බස් ගාස්තු සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව මහරගම සිට ගාල්ල දක්වා රුපියල් 440 ක්ද,මහරගම සිට මාතර දක්වා රුපියල් 550 ක්ද කඩුවෙල සිට මාතර දක්වා රුපියල් 570 ක්ද ලෙසයි සංශෝධිත ගාස්තු දැක්වෙන්නේ. ගාස්තු අඩු නොකරන බස් රථ සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිසම දැනුවත් කළ හැකියි. තී‍්‍රරෝද රථවල පළමු කිලෝමීටරය රුපියල් 10 කින් අඩුකර තිබෙනවා. පාසල් ළමුන් ප‍්‍රවාහන ගාස්තු ද සියයට 3 කින් අඩු කිරීමටයි එකඟතාව පළවුණේ.
Post a Comment