Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනුරාධපුර අභය භූමියට කසළ බැහැර කිරීම හේතුවෙන් ගැටලු රැසක්  

Add comments

අනුරාධපුර අභය භූමිය තුළ අවිධිමත් ලෙස කැළිකසළ බැහැර කිරීම හේතුවෙන් ගැටලු රැසක් පැන නැගී ඇති බව වාර්තා වනවා.

දිනපතා අනුරාධපුර නගරයට සංචාරකයින් සිය ගණනක් පැමිණෙනවා. අනුරාධපුර පූජා නගරය අවට පදිංචිකරුවන් ප්‍රධාන මාර්ග අසළ මෙන්ම තම නිවෙස් ඉදිරිපිට අවිධිමත් ලෙස කැළිකසළ බැහැර කිරීම නිසා සුන්දර නගරය අසුන්දර බවට පත්ව ඇති අයුරු දැකගත හැකියි. පූජා භූමිය තුළ අවිධිමත් ලෙස කසළ බැහැර නොකරන ලෙස දැන්වීම් පුවරු ද ප්‍රදර්ශනය කර තිබෙනවා. එහෙත් දැකගත හැකි වන්නේ එම පුවරු අසලද කසළ බැහැර කර ඇති අයුරුයි. මේ හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. මේ පිළිබද සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු බවයි සංචාරකයන් පවසන්නේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG