
වනෝද්‍යාන නැරඹීමේදී අලි ඇතුන්ට ආහාර ලබාදීමේ සහ ඡායාරූප ලබාගැනීමෙන් වළකින ලෙස වනජීවී දෙපාර්තමේන්තුව යළි දැනුම්දෙනවා. වසරේ අවසන් දින කිහිපය තුළ බොහෝ පිරිසක් විනෝද චාරිකා සඳහා පැමිණීම හේතු කරගෙනයි දෙපාර්තමේන්තුව දැනුම්දීම සිදුකර තිබෙන්නේ.
හබරන කැළය මැදින් මින්නේරිය වනෝද්‍යානය හරහා වැටී තිබෙන ප‍්‍රධාන මාර්ගය දෙපස නිරන්තරයෙන් වනඅලින් රැඳීසිටිනවා. ඔවුන්ට ආහාර ලබාදීම සඳහා ඔවුන් සමඟ ඡායාරූප ලබාගැනීම ඉතා අනතුරුදායක බවයි වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ප‍්‍රකාශ කළේ.
Post a Comment