
පොලිස් සැරයන්වරයෙකු සිය නිවස තුළදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිගයාමෙන් එය සිදුව ඇති බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ. ඝාතනයට ලක්වුණේ නාරාහේන්පිට පොලිස් රෝහලට අනියුක්තව රාජකාරී කළ 49 හැවිරිදි පුද්ගලයෙක්. සිද්ධියට සම්බන්ධ සැකකරු හදුනාගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කි‍්‍රයාත්මකයි.
Post a Comment