
දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් මධ්‍යම කදුකරයේ සුන්දරත්වය නැරඹීමට මේ දිනවල විශාල වශයෙන් පැමිණෙමින් සිටිනවා. ඒ ආශ්‍රිත ව්‍යාපාර පවත්වාගෙන යන පිරිසගේ ආර්ථික තත්ත්වයද වර්ධනය වී තිබෙනවා.
පසුගිය දින කිහිපය පුරාම දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් මධ්‍යම කදුකරයේ අසිරිය නැරඹීමට පැමිණියා. විශාල පිරිසක් දුම්රිය යොදා ගනිමින්ද පැමිණි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ. ශ්‍රී පාදය,නුවරඑළිය , සෙන්කෙලෙයාර්, ඩොවෝන් ඇතුලු සංචාරක ප්‍රදේශ සියල්ලම පාහේ සංචාරකයින්ගෙන් පිරී පවතිනවා. මේ හේතුවෙන් නවාතැන් පහසුකම් සපයන මෙන්ම වෙළෙදසැල් පවත්වාගෙන යන පිරිසගේ ආදායම් තත්ත්වය ඉහළගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ.
Post a Comment