
එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ පිළිබඳ සාකච්ඡා ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප‍්‍රකාශ කළා.
ආගමික, දේශපාලන බලවේග මෙන්ම සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති ද සම්බන්ධ කරගනිමින් සාකච්ඡා පැවැත්වීමයි අරමුණ. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමේ යෝජනාවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ද හිමිවුණා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන සියලු කණ්ඩායම් මෙම පෙරමුණ සඳහා සම්බන්ධ කරගැනීමයි අපේක්ෂාව.
Post a Comment