Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිරියා ජනපති තවමත් එරට ජනපි‍්‍රයම නායකයා බව රුසියාව කියයි  

Add comments

සිරියා ජනාධිපති බෂාර් අල් අසාද් තවමත් එරට ජනපි‍්‍රය නායකයෙකු බව රුසියාව පවසනවා. ඒ අනුව ඔහු යළි මැතිවරණයකින් ජයග‍්‍රහණය කිරීමට සෑම අතින්ම අවස්ථාව පවතින බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

පසුගිය වසර කිහිපය තුළ සිරියාවේ තත්වය සළකා බැලීමෙන් එය තහවුරු වන බව රුසියාව ප‍්‍රකාශ කළා. මැදපෙරදිග නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකදී රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටිං මෙම අදහස් පළකර තිබෙනවා. ඉදිරි වසර මුලදී නව ව්‍යවස්ථාවක් අනුව වැඩකටයුතු සිදුකිරීමට සිරියාව සූදානමින් සිටිනවා. 2014 දී බලයට පත් සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ධුර කාලය අවසන් වන්නේ 2021 වසරේදී.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG