
ශ්‍රී ලංකාවේ කාර්මික අපනයන ආදායම ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා මෙරට කාර්මික අපනයන ආදායම ඇමෙරිකා ඩොලර් මිලියන හත්දහස් තිස් එකයි දශම එකක් පමණ වුණා.
එය මෙම වසරේ අදාළ කාලයේදී හත්දහස් හයසිය පනස් හත දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය සියයට අටයි දශම නවයක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.
ආහාරපාන වර්ග හා දුම්කොළ, සත්ව ආහාර, රෙදිපිළි හා ඇගළුම්, රබර් නිෂ්පාදන, යන්ත්‍ර සූත්‍ර හා යාන්ත්‍රික උපකරණ, මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ, ලෝහ හා මැටි ආශ්‍රිත නිෂ්පාදන මෙහිදී ප්‍රමුඛතාව ගනු ලබනවා.
ඛනිජ හා වෙනත් අපනයන ක්ෂේත්‍රයේද සාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කරනවා. මේ අනුව අදාළ කාලය තුළ සමස්ත අපනයන ආදායම සියයට පහයි දශම එකකින් ඉහළගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.
Post a Comment