Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොඩයිස් වතුයායේ ගින්නෙන් විනාශ වූ වතු නිවාස වෙනුවට නව නිවාස  

Add comments

හැටන් පොඩයිස් වතුයායේ ගින්නෙන් විනාශ වූ වතු නිවාස වෙනුවට නව නිවාස ඉදිකර දීමට පියවර ගන්නා බව කදුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වී රාධා ක්‍රිෂ්ණන් මහතා පවසනවා. වතු කම්කරුවන්ගේ වටිනා ලියකියවිලි ජංගම සේවයක් පවත්වමින් ඔවුන්ට ලබා දීමට පියවර ගන්නා බවද මන්ත්‍රිවරයා සදහන් කළා.

පොඩයිස් වතුයායේ අක්කර තිහ කොටසේ වතු නිවාස විසිහතරක් ගින්නෙන් විනාශ  වූයේ පෙරේදා දිනයේදීයි. එම ප්‍රදේශයේ කළ සංචාරයකින් අනතුරුවයි මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේ. මෙම ගින්නෙන් පවුල් 19කට අයත් 107 දෙනෙකු අවතැන්ව සිටිනවා.  ඔවුන් එම වතුයායේ වෛද්‍ය මධ්‍යස්ථානය තුළ රදවා සිටිනවා. ඒ අතර ළමයින් 45 දෙනෙකු ද වනවා. ඔවුන්ට පාසල් උපකරණ ලබා දීම ද මන්ත්‍රිවරයා අතින් සිදු කෙරුණා. මෙම පිරිසට අවශ්‍ය ආහාර ලබා දීමට වතු පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG