Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අග‍්‍රාමාත්‍යවරයා හෙට උතුරේ සංචාරයක  

Add comments

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට(28) උතුරේ සංචාරයක නිරත වනවා. ගංවතුරෙන් විපතට පත් උතුරේ ජනතාවගේ සුවදුක් විමසා බැලීම හා අවශ්‍ය සහන පිළිබද සොයා බැලීමයි අරමුණ.

කිලිනොච්චි දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේදි හෙට (28) පස්වරු 2.00ට සාකච්ඡාවක් පැවැත්වෙන බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය ප‍්‍රකාශ කළේ. අග‍්‍රාමාත්‍යවරයා හෙට (28)උදෑසන 8.00 ටපමණ මහනුවර අස්ගිරි මහ විහාරය වෙත ගොස් අස්ගිරි මහ නායක ස්වාමින්වහන්සේ බැහැ දැකීමටයි නියමිත. ශ්‍රී‍්‍ර දළදා මාළිගය වැඳපුදාගෙන ආගමික වතාවත් සදහා ද රනිල් වික‍්‍රමසිංහ මහතා සහභාගි වනවා. ඉන්පසු අග‍්‍රාමාත්‍යවරයා මල්වතු මහ විහාරයේ දානමය පිංකමකට සහභාගි වී මහනායක ස්වාමින්වහන්සේ බැහැ දැකීමට නියමිත බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG