Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදේශ රටවලට කරපිංචා රැගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ අවධානය  

Add comments

විදේශ රටවලට කරපිංචා රැගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ අවධානය යොමුව තිබෙනවා.

ඉතාලිය , සයිප්‍රසය , ග්‍රීසිය සහ මෝල්ටාව යන රටවලට කරපිංචා රැගෙන නොයන ලෙසයි ඉතාලියේ සිසිලියාහි කැටානියා නගරයේ පිහිටි කොන්සියුලර් කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දෙන්නේ. ඒ යුරෝපා සංගමයට අයත් ශාක  , සෞඛ්‍ය  , අන්තර් නිරෝදනය කිරීම දැනුම් දීමේ පද්ධතිය කළ දැනුමදීමකට අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ. මේ අනුව කටුනායක ගුවන් තොටුපලෙන් පිටව යන මගීන්ගේ ගමන් මළු විශේෂ සෝදිසියකට ලක් කරන  බව වාර්තා වනවා.  මෙලෙස කරපිංචා රැගෙන යාම තුළින් ශ්‍රී ලංකාව ඉතාලිය සහ යුරෝපා සංගමයේ සෙසු රටවලට කරන ආහාර අපනයන වලට බලපෑමක් එල්ලවිය හැකි බව ද ඉතාලියේ ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය සදහන් කරනවා.

 

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG