
ඉන්දුනීසියාවේ අනක් ක්‍රැකටෝවා ගිනිකන්ද සක්‍රිය වීමේන් ඇති වූ සුනාමි තත්ත්වයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 373 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය සෙනසුරාදා අලුයම ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දූපත්වලට මෙම සුනාමි තත්ත්වය ඇති වුණා. රිච්ටර් පරිමාන ඒකක 5.1ක ප්‍රබල භූ කම්පනයක් ඇති වීම හේතුවෙන් අනක් ක්‍රැකටෝවා ගිනි කන්ද සක්‍රිය වුණා.මේ වන විට පුද්ගලයින් 1459 දෙනෙකු තුවාල ලබා ඇති අතර 128 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ. තවදුරටත් සුනාමි අවදානම් තත්ත්වයක් පවතින බවයි එරට ආපදා අංශ සදහන් කරන්නේ.
Post a Comment