Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කප්පම් ඉල්ලමින් මරණීය තර්ජන කළ සැකකරුවෙකු අත්අඩංගුවට  

Add comments

කප්පම් මුදල් ඉල්ලමින් මරණීය තර්ජන කළ බව කියන සැකකරුවෙකු පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විවිධ ජංගම දුරකතන අංක ඔස්සේ ඇමතුම් ලබා දෙමින් කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් සැකකරු රුපියල් ලක්ෂ තිහක කප්පම් මුදලක් ඉල්ලා තිබෙනවා. එම පුද්ගලයාට මරණීය තර්ජන ද එල්ලකර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනවලදී සැකකරු කඩවත ඉහළ බියන්විල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 30ක් වූ ඔහු එම ප්‍ර දේශයේ ම පදිංචි කරුවෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG