Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ධීවරයන්ට අවවාදාත්මක නිවේදනයක්  

Add comments

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයන්ට හා නාවිකයන්ට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා.ඒ රළු මුහුදු ප‍්‍රදේශ සම්බන්ධයෙන්.

දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල සුළං ඊශාන දිසාවෙන් හමන අතර එහි වේඟය පැයට කිලෝ මීටර් 30ත් 40ත් අතර පවතනවා. මන්නාරම සිට පුත්තලම හා කොළඹ හරහා කළුතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේහවල සුළඟේ වේඟය පැයට කිලෝ මීටර් 50ත් 60ක් පමණ දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප‍්‍රදේශ රළු විය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ මන්නාරම සිට කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේඟය විටින් විට පැයට කිලෝ මීටර් 50ක් දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර දිවයිනේ බොහෝ පළාත්වල වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG