Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වඩා යහපත් අනාගතයක් දෙස බලා අතීතය සිහිපත් කරන කාලයක්  

Add comments

නත්තල් දිනය වෙනුවෙන් සුභපැතුම් පණිවිඩයන් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ නත්තල වඩා යහපත් අනාගතයක් දෙස බලා අතීතය සිහිපත් කරන කාලයක් බවයි. සියලු ශ්‍රී ලාංකිකයන් කුල භාෂා බේද අතහැර සහෝදරත්වයේ සහ මිත්‍රත්වයේ හැගීමෙන් ක්‍රියා කිරීමට මෙය හොදම කාලය බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ජේසු බිලිදානන් ගෙන එන ප්‍රීතිය හා සාමය සියලු දෙනාට හිමිවේවායි අග්‍රාමාත්‍යවරයා සුභපැතුම් එක්කරනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (25) යෙදෙන නත්තල වෙනුවෙන් නිකුත් කර ඇති නත්තල් දින පණිවුඩය.

නත්තල, සතුට සමරන සමයයි. නත්තල වඩා යහපත් අනාගතයක් දෙස බලා අතීතය සිහිපත් කරන කාලයයි.
යේසුස් වහන්සේගේ ජීවිතය, සිඳී බිඳී ගිය ලොවට අපේක්ෂාව හා සංහිදියාව රැගෙන ආවේය. මෙය කුල මල, භාෂා වෙනසකින් තොරව සියලූ ශ්‍රී ලාංකිකයන්ට භේද නොවී සහෝදරත්වයේ හා මිත්‍රත්වයේ හැඟීමෙන් ක්‍රියා කිරීමට සුදුසු අවදිය ද වන්නේය.
යේසු බිළිදානන් අප වෙත ගෙන එන ප්‍රීතිය හා සාමය, ඔබ සැම වෙත හිමි වේවා යි මම ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට අසිරිමත් නත්තලක් වේවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG