
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ මෙලෙනියා ට‍්‍රම්ප් ඉරාකයේ සංචාරයක නිරත වුණා.
ඒ ඉරාකයේ සිටින ඇමරිකා භට කණ්ඩායම් හමුවීමට. නත්තල් රාතී‍්‍රයෙන් පසු භට කණ්ඩායම් වලට නොදන්වා සිදු කළ මෙම සංචාරය ඔවුන්ට ස්තූතිය පළකිරීම සඳහා සැලසුම් කළ එකක් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ඉරාකය තුළ භට කණ්ඩායම්වල සේවාව සාර්ථකත්වය සහ කැපවීම පිළිබද ජනාධිපතිවරයා එහිදී ඇගයීමට ලක්කර තිබෙනවා.
ඉරාකයෙන් හමුදා ඉවත් කරගැනීමේ සැලසුමක් මෙතෙක් නොමැති බව එහිදී මාධ්‍ය අමතමින් ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා. ඉරාකයේ තවමත් ඇමරිකා හමුදා සාමාජිකයන් පන්දහසක් පමණ රැඳීසිටිනවා. අයිඑස් ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ඔවුන් ඉරාක රජයේ හමුදාවන්ට සහාය ලබාදෙන බවයි මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ. ඇමරිකා ජනාධිපතිවරයාගේ සංචාරයේදී ඉරාක අග‍්‍රාමාත්‍ය අදෙල් අබ්දුල් මාදි සමඟ සැලසුම් කර තිබූ සාකච්ඡාව අවලංගු කිරීමට සිදු වුණා. ඒ සාකච්ඡාව පැවැත්වෙන ආකාරය පිළිබද අවසන් එකඟතාවකට නොපැමිණීම හේතුවෙන්. ඒ වෙනුවට නායකයන් දුරකථන සංවාදයක නිරතව ඇති බවයි ඉරාක අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.
Post a Comment