Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථා‍නයේ ජනාධිපතිවරණය ලබන ජූලි මාසයේ  

Add comments

ඇෆ්ගනිස්ථා‍නයේ ජනාධිපතිවරණය ලබන ජූලි මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එරට  බලධාරීන් සදහන් කරනවා.

ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරණ පැවැත්වීමට කටයුතු යොදා තිබුණේ ලබන අප්‍රේල් මාසයේදීයී. කෙසේ වෙතත් මැතිවරණය  මාස තුනකින් කල් දමන බව මැතිවරණ කොමිසන් සභාව පසුගියදා නිවේදනය කළා.  ඒ අනුව ජනාධිපතිවරණය  ලබන ජුලි 20 වනදා පැවැත්වෙන බවයි නිවේදනය කරන්නේ. මෙලෙස මැතිවරණය කල්යෑමට හේතුවූයේ පසුගිය ඔක්තෝම්බර් මාසයේදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ඇති වූ තාක්ෂණික දෝෂයි. මැතිවරණ වංචා අවම කිරීම හේතුවෙන් ඇෆ්ගනිස්ථානය නව මැතිවරණ ක්‍රියාවලියක් හදුන්වා දුන්නා. එම ජයිමිතික හදුනාගැනීමේ පද්ධතිය ඇසුරින් වැඩ කරන ආකාරය මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ දැනුවත් භාවය අඩුවීම හේතුවෙන් මෙන්ම තවමත් ඡන්ද දායකයින් ලියාපදිංචි  නොවීමත් මැතිවරණය කල්යෑමට හේතු වුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG