Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

IS සටන්කාමීන් ගැන ට්‍රම්ප්ගෙන් ප‍්‍රකාශයක්  

Add comments

සිරියාවේ සිටින අයි එස් සටන්කාමීන් සම්පූර්ණයෙන්ම පරාජයට පත්කිරීමට තමා කැපවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව ජ්‍යෙෂ්ට රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයෙකු වන ලින්සේ ග්‍රැහැම් පවසා තිබෙනවා. සිරියාවේ සිටින අයිඑස් සංවිධානය පරාජයට පත්කර ඇති බවට පවසමින් ඇමෙරිකානු භටයින් සිරියාවෙන් ඉවත් කර ගන්නා බව ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර නිවේදනය කර තිබුණා. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ එම තීරණයට රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයන් ඇතුළු පාර්ශ්ව ගණනාවකින් විරෝධය පළවුණා. ආණ්ඩු පක්ෂයේ නිළධාරීන් දෙදෙනෙකු ද අදාළ තීරණයට එරෙහිව ඉල්ලා අස්වුණා. කෙසේ වෙතත් සිරියාවේ සිටින අයිඑස් සටන්කාමීන් පූර්ණ වශයෙන් පරාජයට පත්වන තුරු ඇමෙරිකා සොල්දාදුවන් ඉවත්කර නොගන්නා බව ලින්සේ ග්‍රැහැම් වැඩිදුරටත් පවසා තිබෙනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG