
ජනාධිපතුමා , නව අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව පත් කිරිම පිලිබද කිසිවෙකු අභියෝගයක් එල්ල නොකළේ එය ව්‍යවස්ථානුකුලව සිදු කළ කාර්යයක් නිසා බව අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසනවා.
අමාත්‍ය එස් බී දිසානායක,
ගිනිගත්හේන අභිනවාරාම ශාලාවේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අමාත්‍ය එස්බී දිසානායක මහතා පිලිගැනිම සදහායි උත්සවය පැවැත්වුණේ. මස්කෙලිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව් ජී රණසිංහ මහතායි එය සංවිධාන කළේ. වතුකරයේ ප්‍රබල වෘත්තිය සමිති කිහිපයක ආධාරකරුවන් වත්මන් රජයට සහය දැක්විමට මෙහිදි එක්වුණා. ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
Post a Comment