Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රට හරහා දිවිමේ ජාතික තරගය මාර්තු 03දා  

Add comments

රට හරහා දිවිමේ ජාතික තරගය ලබන මස තුන්වනදා ඇරඹෙන බව කි‍්‍රඩා අමාත්‍යාංශය පවසනවා.

තරගයේ දුර කිලෝ මීටර් දහයක් වන අතර, නුවරඑළිය ගොල්ෆ් කි‍්‍රඩාංගණය ආශි‍්‍රතව එය පැවැත්වීමට නියමිතයි. දිවයිනේ ඕනැම කි‍්‍රඩකයෙකුට හෝ කි‍්‍රඩිකාවකට සහභාගි විය හැකි පරිදි විවෘත තරගයක් ලෙස මෙවර රට හරහා දිවිමේ තරගය සංශෝධනය කර තිබිම විශේෂත්වයකි.

මෙතෙක් කලක් අන්තර් පළාත් කන්ඩායම් තරගයක් ලෙස පැවති ජාතික රට හරහා දිවිමේ තරගය විවෘත තරගයක් ලෙස පවත්වන බැවින් වැඩිපිරිසක් ඊට සහභාගි වනු ඇති බවයි විශ්වාසය. තරගයට අයදුම්පත් භාර ගැනිම ලබන 15 වනදා දක්වා සිදු කරන බවද කි‍්‍රඩා අමාත්‍යාංශය සදහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG