Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බොරැල්ල අනතුර සම්බන්ධයෙන් මහින්දානන්දගේ පුත්‍රයා ඇතුළු 04 දෙනෙකුගෙන් ප‍්‍රශ්න කෙරේ  

Add comments

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පලා ගිය සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා ඇතුළු 04 දෙනෙකුගෙන් බම්බලපිටිය පොලිසිය මේ වන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ.

ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල ප්‍රදේශයේ තිබී සොයා ගැනුණා. අනතුරින් තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා මේ වන විට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. බම්බලපිටිය බුලර්ස් පාර ප්‍රදේශයේදී රාජකාරී කටයුත්තක් සදහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයක් පොලිස් ස්ථානධිපතිවරයා අනතුරට ලක් කර පලාගොස් තිබුණා. අනතුරුව පරීක්ෂණ  පැවැත්වූ පොලීසිය මෙම ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල පැලවත්ත පැගෝඩා ගාඩ්න්හි ගාල්කර තිබියදි  සොයා ගත්තේ ඊයේ දිනයේදීයී. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG