
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ පාසල් අයදුම් පත් භාර ගැනීම අදින් අවසන් වනවා. පුද්ගලික අයදුම් පත් භාර ගැනිම අවසන් වන්නේ මාර්තු පළමු වනදායි.මෙම දිනයන් නැවත දීර්ඝ කිරිමක් සිදුනොකරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප‍්‍රකාශ කළේ.
අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට හැදුනුම් පත් නිකුත් කිරිම කල්වේලා ඇතිව සිදුකරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේවන්තුව පවසනවා. මාර්තු 31 වනදාට පෙර ඒ සඳහා වන අයදුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙසයි විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙන්නේ.
මේ අතර ජාතික අධ්‍යාපන පීඨ සඳහා නවක සිසුන් බඳවා ගැනිමේ සම්මුඛ පරික්ෂණ මාර්තු මස අග සතියේදී ආරම්භ කරන බව ගුරු අධ්‍යාපන ප‍්‍රධාන කොමසාරිස් කේ එම් එච් බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළා. ඒ සඳහා අයදුම් පත් කැඳවිම මේ වනවිට අවසන් කර තිබෙනවා. නවක සිසුන් අට දහසක් මැයි මාසය වනවිට බඳවා ගැනීමයි අපේක්ෂාව.
Post a Comment