
ගම්පොල බොරලුමංකඩ ප්‍රදේශයේදී වාහන 04 ක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වුණා.
ගම්පොල නුවරඑලිය මාර්ගයේ බොරලුමංකඩ ප්‍රදේශයේදී ලොරි රථයක් ,ආපදා රථයක් , ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයකුයි එකිනෙක ගැටී තිබෙන්නේ. අනතුරෙන් ජීවිතක්ෂයට පත් වුණේ ත්‍රිරෝද රථයේ ගමන් ගත විසි තුන් හැවිරිදි තරුණියක්. අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු ගම්පොල රෝහලට ඇතුළත් කෙරුණා. ත්‍රී රෝද රථයට ඉදිරි පසින් ගමන් කළ මෝටර් රථය එක්වරම ප්‍රතිවිරුද්ධ දිශාවට හැරවීමත් සමඟයි අනතුර සිදුව තිබෙන්නේ. අනතුරින් වාහන 04ට ද බරපතල හානි සිදු වුණා.
Post a Comment