
රුපියල් හතලිස් අටලක්ෂ අනූදහසක මෙරට මුදල් නෝට්ටු විදේශයකට රැගෙන යෑමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිංගප්පුරුව බලා යෑමට පැමිණි පුද්ගලයෙකුයි කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට පත් වුණේ. සැකකරු වලිකාමම් ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහුගේ ගමන් මලුවල තිබී රුපියල් දහසේ හා පන්දහසේ මුදල් නෝට්ටු තොගයක් සොයා ගැණුනා.
මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවම්පිටිය මහතා පවසන්නේ.
Post a Comment