
171 වන ආදර්ශ ගම්මානය අද ජනතා අයිතියට පත්කරන බව නිවාස සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළා.ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
ගම්මානය ඉදිකර තිබෙන්නේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ දැරණියගල ප‍්‍රදේශයේයි. එහිදී නව නිවාස 25ක් ජනතා අයිතියට පත්කරන බවයි නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සූරිය මහතා සඳහන් කළේ.
172 වන ආදර්ශ ගම්මානය මහනුවර දිස්ත‍්‍රික්කයේ කුණ්ඩසාලේ ප‍්‍රදේශයේ දී හෙට ජනතා අයිතියට පත්කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ.
Post a Comment