
විෂ මත්පැන් පානය කිරීම හේතුවෙන් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 154 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විෂ මත්පැන් පානය කිරීමෙන් තවත් පුද්ගලයින් දෙසිය දෙනෙකු පමණ රෝහල් ගත කර තිබෙනවා. ඉන්දියාවේ තේ වතු කම්කරුවන් පිරිසකුයි මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය කටයුතු කළා. විෂ මත්පැන්වලින් ඉතිරිව තිබූ ලීටර් පහළොස් දහසක් පමණ විනාශ කර දැමීමට ඉන්දීය රජය කටයුතු කර ඇති බව සදහන්. මීට සති දෙකකට පෙර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ද විෂ මත් පැන් පානය කිරීමෙන් පුද්ගලයින් සියයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.
Post a Comment