
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ඇවන්ට්ගාඩ් ගනුදෙනුවට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු අත්හිටුවන ලෙසට ඉල්ලා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණයේදී අද විභාගයට ගැනුණා.
අචල වෙන්ගප්පුලි, අර්ජුණ අබේසේකර යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි පෙත්සම කැඳවනු ලැබුවේ. ඇවන්ට්ගාඩ් පෞද්ගලික සමාගමට අයුතු සහගත ලාභයක් ලැබෙන ආකාරයට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම තුළින් රජයට රුපියල් බිලියන 11යි දශම 4 ක පාඩුවක් සිදුකර ඇති බවට හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඇතුලු 8 දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔවුන්ට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබුවේ අල්ලස් කොමිෂන් සභාව මගිනුයි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයේ පවතින නඩු තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය මීට පෙර අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා. ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට එරෙහිව හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ගොනුකළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හා කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දු අත්හිටුවන ලෙසට ද මෙම ප්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.
Post a Comment