
සැමට සෙවන නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකළ 170 වන උදාගම්මාන අද ජනතා අයිතියට පත්කෙරෙනවා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
ඇහැළියගොඩ සදර්ලන්ඩ් වත්ත ප‍්‍රදේශයේ ඉදිකර ඇති මෙම ගම්මානය ” ශ‍්‍රී විපුලතිස්ස නාහිමිගම” ලෙස නම්කර ඇති බවයි නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සුරිය මහතා ප‍්‍රකාශ කළේ.
අම්පාර දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රදේශයේ ඉදිකළ 169 වන උදාගම්මානය ඊයේ ජනතා අයිතියට පත්කළා. ආදර්ශ ගම්මාන 1786ක ඉදිකිරිම් මේ වනවිට ආරම්භ කර ඇති බවයි සභාපතිවරයා ප‍්‍රකාශ කළේ.
මේ වසර අවසන් වනවිට ගම්මාන 2500ක ඉදිකිරිම් ආරම්භ කිරිමටයි සැලසුම් කර තිබෙන්නේ.
Post a Comment