
මසුන් ඇල්ලීමට යොදාගන්නා පුපුරණද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව මගින් සොයා ගෙන තිබෙනවා.
මන්නාරම පොලිසියට අනුයුක්ත නිලධාරීන් පිරිසක් සමඟ එක්ව කළ වැටලීමකදීයි මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනුණේ. ඒ මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ දීයි. පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.1ක්, ඩෙටනේටර් තුනක් සහ ආරක්ෂිත වෙඩි නූල් තුනක් සොයා ගත් බව නාවික හමුදාව පවසනවා.
මේ අතර පසුගිය දසවනදා ද මෙම ප්‍රදේශයේදීම මෙවැනි ආකාරයේ පුපුරණ ද්‍රව්‍ය රැසක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්වුණා. නීතිවිරෝධී ක්‍රියා මැඩපැවැත්වීමට නිරන්තර අවධානයෙන් සිටින බවයි නාවික හමුදාව පවසන්නේ.
Post a Comment