Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයේ තවත් තුන් දෙනෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට  

Add comments

රත්ගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනයට ලක්වීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පොලිස් නිලධාරින් තුන් දෙනෙකුට අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

සිදුකළ මුලික විමර්ශනවලට අනූව හෙළි වූ තොරතුරු පදනම් කර ගනිමින් මේ වනවිට පරික්ෂණ ක‍්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ.

පසුගිය ජනවාරි 22 වනදා පොලිස් නිල ඇදුමෙන් සැරසුනු පිරිසක් ව්‍යාපාරිකයන් දෙදෙනා රැගෙන ගිය බවට ඥාතීන් පැමිණිලි කළා. ඒ අනූවයි පරික්ෂණ ආරම්භ වුණේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් දෙදෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG