
තිනර් බැරලයක් පුපුරා යාමෙන් දස හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.
පුලස්තිපුර ගල්කැටිදමන ප්‍රදේශයේ නිවසක තීන්ත ආලේප කිරීම සදහා රැගෙන ආ තිනර් බැරලයක් යාන්ත්‍රික කියතක් ආධාරයෙන් කැපීමට උත්සාහ කිරීමේදීයී අනතුර සිදුව තිබෙන්නේ. එම අවස්ථාවේදි තිනර් අඩංගු බැරලය පුපුරා ගොස් අසල සිටි දරුවන් දෙදෙනෙකු සහ තවත් අයෙකු බරපතල තුවාල ලැබුවා. ඔවුන් පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වයස අවුරුදු 10 ක් වූ දරුවකු ජීවිතක්ෂයට පත්වුණා. 16 හැවිරිදි අනෙක් දරුවා ද බරපතල තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.
Post a Comment