
ලගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ ඉදිකිරීම අවසන් කළ ව්‍යාපෘති දෙසියක් ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ව පවතිනවා. එහි ජාතික උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා සිදු කිරීමට නියමිතයි. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්.
කුලියාපිටිය ශාන්ත ජෝෂප් විදුහලේ තෙමහල් ගොඩනැගිල්ල, කුලියාපිටිය සාරානාත් විදුහලේ අංගසම්පූර්ණ ශ්‍රවනාගාරය සහ කුලියාපිටිය ගුරු පුහුණු මධ්‍යස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල මේ අනුව සිසු අයිතියට පත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. ලඟම පාසල හොදම පාසල වැඩසටහනේ සමස්ථ ව්‍යාපෘති වෙනුවෙන් ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 65000 ක්. රුපියල් මිලියන 3938 ක මුදලක් මෙහි මූලික ව්‍යාපෘති දෙසීය සදහා වැය කර තිබෙනවා. පාසල් නවදහස් හැට තුනක ව්‍යාපෘති දහ අටදහසක් මේ වනවිටත් ක්‍රියාත්මකයි.
Post a Comment