Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටක් ගොඩනැගීමට නම් විගණන සේවය ශක්තිමත් කළ යුතු බව ජනපති පවසයි  

Add comments

වංචාව, දූෂණය සහ හොරකම මුල්බැසගෙන තිබෙන මේ රට ගොඩනැගීමට නම් විගනණ සේවය ශක්තිමත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පල කළේ විගනණ දෙපාර්ත්මේන්තුවේ පැවති රැස්වීමක් අමතමින්.

ශ්‍රී ලංකා විගනණ සේවයේ 61 වෙනි වාර්ෂික මහ සභා රැස්වීම එහි ශ්‍රවනාගාරයේදී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මේ අවස්ථාවට කතානායක කරූ ජයසූරිය, රාජ්‍ය ගිණුම් පිලිබද කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න, පොදු ව්‍යාපාර පිලබද කාරක සභාවේ සභාපති සුනිල් හදුන්නෙත්ති   යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. එහිදී රැස්ව සිටි පිරිස ඇමුතූ ජනාධිපතිතුමා පැවසුවේ රාජ්‍ය  ආයතන තුළ වංචා දූෂණ සහ අක්‍රමිකතා සිදු නොවෙන්නේ නම් වාර්ෂික අයවැය පරතරය පියවා ගැනීමට විදේශීය ණය සහ රාජ්‍ය බැංකුවලින් මුදල් ලබා ගැනීමට සිදු  නොවන බවයි.  තමා පිලිබද කුමන අන්දමේ විවේචන සිදු කළද ජනාධිපතිවරයා  ලෙස පැවරී ඇති වගකීම් සහ යුතුකම් ඉකුත් සිව්වසර තුළ නොපිරිහෙලා ඉටු කර ඇති බවද ජනාධිපතිතුමා එහිදී අවධාරණය කළා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG