Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගමට සිරිකොත එජාප ප්‍රවර්ධන ලබන 6 වනදා සිට  

Add comments

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද උදෑසන රැස්වුණා. ඒ පක්‍ෂනායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.  ගමට සිරිකොත එක්සත් ජාතික පක්ෂ ප්‍රවර්ධන වැඩසටහන ලබන 06 වනදා සිට ක්‍රියාත්මක කිරීමට ද නියමිතයි.

සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදි ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් හා පක්‍ෂයේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කෙරුණා.

කොකේන් භාවිත කරන මැතිඇමතිවරුන් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය ගැන සෙවීමට පත් කළ කමිටු වාර්තාව ද කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණා. එය ඉදිරිපත් කළේ අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතායි. රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් ද කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ සිදු කළ බවයි වාර්තා වන්නේ. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මැතිඇමතිවරුන් මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG