
නීතිවිරෝධීව මෙරට රැඳී සිටි තවත් ඉන්දිය ජාතිකයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මතුගම ප‍්‍රදේශයේදි ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙම වැටලීම සිදුකළ බවයි වාර්තා වන්නෙ. හොරණ ඉංගිරිය ප‍්‍රදේශයේ දි පසුගිය 25 වනදා අත්අඩංගුවට ගත් ඉන්දිය ජාතිකයන් 24 දෙනාගෙන් කළ ප‍්‍රශ්න කිරිම් වලදි සැකකරුවන් පිළිබද තොරතුරු හෙළිකරගෙන තිබෙනවා. ඉන්දිය ජාතිකයන් 49 දෙනා සංචාරක වීසා මගින් මෙරටට පැමිණ ඇති බවත් ඔවුන්ගේ වීසා කාලය ඉකුත්වී ඇති බවත් පොලිසිය සදහන් කළා.
Post a Comment