Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වීසා නොමැතිව මෙරට රැදි සිටින්නන්ට ඇමෙරිකානු ඩොලර් 500ක දඩයක්  

Add comments

වීසා නොමැතිව මෙරට රැදී සිටින්නන්ට ඇමෙරිකානු ඩොලර් 500 ක දඩ මුදලක් නියම කිරිම ඇතුළු ආගමන හා විගමන රෙගුලාසි සංශෝධනය කොට ඇති සංශෝධිත කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරිමට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.

අභන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් මේ පිළිබඳ යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට තිබෙනවා.

මේ අනුව ආයෝජකයින් දිරි ගැන්වෙන වීසා ක්‍රමවේදයක් හදුන්වා දෙන අතර සංචාරක වීසා සඳහා විවිධ රටවලට අදාළව පවතින විෂම ගාස්තු ක්‍රමවේදය වෙනුවට ඒකිය ගාස්තු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මිට අමතරව සංචාරක වීසා කාල සිමාව දීර්ඝ කිරිමටත්, ව්‍යාපාරික කටයුතු සඳහා නිකුත් කරන කාලසීමාව බහුවිධ ඇතුළ්වීමේ පහසුකම් සහිතව නිකුත් කිරිමට මේ මඟින් විධිවිධාන සළසා තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG