Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නාවික හමුදාව උතුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකදී කේරල ගංජා තොගයක් අත්අඩංගුවට  

Add comments

නාවික හමුදාව උතුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකදී  කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පේදුරු තුඩුවට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා භට පිරිසක් කේරල ගංජා කිලෝග්‍රෑම්  86.4 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඩිංගි යාත්‍රාවකින් මෙම කේරල ගංජා තොගය මෙරටට රැගෙන එමින් තිබූ බවයි නාවික හමුදාව පවසන්නේ.  අත්අඩංගුවට ගත් කේරල ගංජා සහ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සදහා කන්කසන්තුරේ පොලීසියට භාරදීමටයි නාවික හමුදාව කටයුතු කළේ. නාවික හමුදාව උතුරු මුහුදේ සිදු කළ මෙහෙයුම්වලදී කේරල ගංජා කිලෝග්‍රෑම් 442.ක ප්‍රමාණයක් අවස්ථා 06 කදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG