Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇල්ජීරියා ජනාධිපතිට එරෙහිව රටපුරා දැවැන්ත විරෝධතා  

Add comments

ඇල්ජීරියා ජනාධිපති අබ්දෙලාසීස් බොට්ෆ්ලිකාගේ පාලනයට එරෙහිව රටපුරා දැවැන්ත විරෝධතා ආරම්භ කර තිබෙනවා.

81 හැවිරිදි ඇල්ජීරියා ජනාධිපතිවරයා මේ වන විට වසර 20 ක කාලයක් ඇල්ජීරියාවේ පාලකයා ලෙස කටයුතු කරනවා. ඔහු පස්වන වරටත් එරට ජනාධිපතිවරයා ලෙස පත්වීමට එරෙහිවයි මෙලෙස රටපුරා විරෝධතා ආරම්භ වී තිබෙන්නේ.

විරෝධතා සදහා දහස් ගණනක පිරිසක් එක්ව සිටිනවා. විරෝධතාකරුවන් විසුරුවා හැරීම සදහා පොලීසිය කදුලු ගෑස් ප්‍රහාර ද එල්ල කර තිබෙනවා. ඇල්ජීරියාවේ  ජනාධිපතිවරණය ලබන අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG