
වතුකරයේ පාසල්වල ගුරු හිගයට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. දෙණියාය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
දෙනියාය සෙල්ලකන්ද ප්‍රදේශයේ වතු කම්කරු ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියට මුල්ගල තැබීම සාගල රත්නායක හා පලනි දිගම්බරන් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙහි ප්‍රථම අදියර යටතේ නිවාස පනහක් ඉදිකිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ජනතා නියෝජිතයින් සහ ප්‍රදේශවාසින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
අමාත්‍ය සාගල රත්නායක,
Post a Comment